මහ බැංකු අධිපතිගේ ඥාතීත්වය ගැන සාකච්ඡා කළේ නෑ
මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් යන මහත්වරුන්ගේ ඥතීත්වය පිළිබඳව මෙන්ම මහා බැංකුවේ හිටපු තවත් අධිපතිවරයෙක් වන අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ නැගණිය පර්පචුවල් හෝල්ඩින්ස් සමාගමේ අධ්යක්ෂවරියක් ලෙස කටයුතු කිරීම පිළිබඳව මුදල් මණ්ඩලයේදී සාකච්ඡා කළේ නැතැයි බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ මුල්‍ය මණ්ඩලයේ සාමාජික නීතීඥ මනෝහාරී රාමනාදන් මහත්මිය කියා සිටියාය.
අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපතිවරයා ලෙස පත් වූ පසු ඔහු කටයුතු කළේ අධිපති ස්වරූපයෙන් බවත් ජයතිස්ස මහතා සහ ක්‍රිෂාන්ත පෙරේරා මහතා මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත් වු පසු මුදල් මණ්ඩලයේ සාකච්ඡා, සංවාදශීලී ස්වරූපයෙන් පැවැත්වුණ බවත් නීතීඥ මනෝහාරී රාමනාදන් මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.
2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
