ජන වරමකින් පාර්ලිමේන්තුවට පැමිණි තමන්ට ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට වගකීමක් තිබෙන බවත්, මහ බැංකු අධිපති ධුරය පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා %අද^ට පැවසීය.
එමෙන්ම තමා වත්මන් තත්ත්වයට පැමිණියේ රැකියාවක් අතහැර දමා බවත්, නැවත රැකියාවකට යාම අවශ්‍ය නොවන බවත් අමාත්‍යවරයා කීය.
මහ බැංකු අධිපති ධුරයට ඉරාන් වික්‍රමරත්න මහතාගේ නම යෝජනා වී ඇති බවට බොහෝ මාධ්‍ය ඊයේ (28දා) දිනයේදී වාර්තා කර තිබූ බැවින් මේ පිළිබඳ විමසීමේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
“මම ඒ ගැන මොනවත් දන්නෙ නැහැ. ඒ වගේ ආරාධනයක් ගැන මම දන්නෙත් නැහැ. ඒ වගේම මම රැකියාවක් හොයාගෙන ආවෙ නැහැනේ. මම ජනතාවට සේවය කරන්න ආවෙ තිබුණ රැකියාව අතහැරලා. ජාතික සංවර්ධන බැංකුවේ ප්‍රධාන පුටුවක රැකියාවක් කරපු මම ඒක අතහැරලා ආවේ රැකියාවක් හොයාගෙන නොවෙයි. ඒ වගේම ජනතාව අනුමත කරලා ජන වරමක් දීලා තියෙනවා මට. ඒ නිසා මට වගකීමක් තියෙනවා. මම ඒ වගකීම පැහැර හරින්නේ නැහැ. ඒක ඉටුකරන්න අවශ්‍යයි. ඒ වගේම මහ බැංකුවේ රැකියාව දේශපාලනීකරණයෙන් තොර වෙන්න අවශ්‍යයි. කොහොම වුණත් ජනාධිපතිතුමයි, අගමැතිතුමයි හරි වෙලාවට හරි තීරණය ගන්නවා කියලා මම දන්නවා* යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.