විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමෙන් උදම් නොවී මහපොළොවේ පය ගසා ජීවත්විය යුතු බවත් එසේ නොවුණ හොත් ඉදිරි මැතිවරණවලදි ‘ඉල්ලං කෑමට’ සිදුවෙනු ඇති බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
හම්බන්තො පැවැති උදාගම්මානයක් විවෘත කිරීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“සමහර අවස්ථාවලදී සමහරු “ඉල්ලං කනවා”. පසුගියදා අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළා. නමුත් සිදු වුණේ ඔවුන්ට ඉල්ලං කන්නටයි. විවිධ අය තට්ටු මාරු ක්‍රමයට ඉල්ලං කනවා. අප ඉදිරියට යා යුත්තේ ඉල්ලං කන්නේ නැතිව වැරදි අඩුපාඩු හදාගෙනයි. අප එක් වරක් ඉල්ලං කෑවොතින් නැවත වරක් ඉල්ලං නොකන්නට වග බලා ගත යුතුයි.
විශ්වාස භංගයෙන් අප ලද ජයග්‍රහණය සමඟ අප කිසි විටක උදම් විය යුතු නැහැ. අප දිනුවා, විරුද්ධවාදීන් ඉවරයි කියා නොසිතිය යුතුයි. අප මහ පොළොවේ සිට කැටි වළාකුළුවලට නොයා යුතුයි. එසේ වුවහොත් එළඹෙන පළාත් සභා, මහ මැතිවරණය, ජනාධිපතිවරණය යන මැතිවරණ වලදී අපට ඉල්ලං කෑමට සිදු වනවා. එම නිසා අප සෑම විටම මහ පොළොවේ පය ගසා ජීවත් විය යුතුයි.
විශ්වාසභංගය අප ජයග්‍රහණය කළේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 225 දෙනෙකු අතරින් පමණයි. ඔවුන්ගේ විශ්වාසය අප දිනා ගත්තා. නමුත් අප මෙරට සිටින ලක්ෂ 210 ක් පමණ වන ජනතාවගේ විශ්වාසය දිනා ගත යුතුයි. රජයට ඉදිරියට යා හැක්කේ එවිටයි. අප නිහතමානී විය යුතුයි. සෑම විටම රටේ පොඩි මිනිසාට ලොකුම හැන්දෙන් බෙදිය යුතුයි. සන්සුන්ව ඉදිරියට ගමන් කළ යුතුයි. ජනතාවට දැනෙන සංවර්ධන ස්වර්ණමය යුගයක් බිහි කළ යුතුයි. ඉදිරියේදී එන මැතිවරණ වලින් ජනතා විශ්වාසය දිනා ගන්නේ කෙසේද කියා අප විමසිලිමත් විය යුතුයි.”