විවිධ ජාතීන්ට භේදයකින් තොරව අධිකරණ සේවාව ලබාදෙන ලෙසත්, අඩුපාඩු සොයාබලා හැමදෙනාටම ධාර්මික අධිකරණයක් පිහිටුවන ලෙසත් මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරු නව අගවිනිසුරු කේ. ශ්රී පවන් මහතාට සඳහන් කළහ.
එවිට ජනතාවගේ ප්ර සාදය මෙන්ම විශ්වාශසයද අධිකරණය කෙරෙහි ඇතිවන බවත් උන්වහන්සේලා ඊයේ (14දා) පැවැසූහ.
නව අගවිනිසුරුවරයා මහනුවර දළදා වහන්සේගේ අශිර්වාද ලබාගැනීමෙන් පසුව මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකින ලදී.