මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන සූදානම්
මහ කන්නයේ වී අස්වනු මිල දී ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කිරීමට මහා භාණ්ඩාගාරය තීරණය කර තිබේ.
කිලිනොච්චි, වවුනියාව, මුලතිව්, අම්පාර සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල මහ කන්නයේ වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ කර ඇති අතර සෙසු දිස්ත්‍රික්කවලද අස්වනු නෙළීම නුදුරේදී ආරම්භ කිරීමට නියමිතය. පැවැති නියං තත්ත්වය හේතුවෙන්, පෙර මහ කන්නවලට සාපේක්ෂව 55%ක 60%ක පමණ අස්වැන්නක් මෙවර ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශයේදී අද (02දා) පැවැති හමුවකදී මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මේ බව දැනුම් දී ඇත.
ඒ අනුව රජයේ සහතික මිලට අස්වනු මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ඉල්ලීම අනුව අවශ්‍ය පරිදි මුදල් ලබාදෙන බව මහා භාණ්ඩාගාර ලේකම්වරයා අවධාරණය කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

