පළාත් සභා තුළ ප්‍රධාන අමාත්‍ය ධුරය වෙනස් නොකරන ලෙස ඉල්ලමින් පළාත් සභා හයක ප්‍රධාන අමාත්‍යවරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සංදේශයක් ඉදිරිපත් කර තිබේ.
තනි පක්ෂයකට පළාත් සභාවක බහුතර සාමාජිකයන් ගණන හිමිවී ඇත්නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ඊ (4) වගන්තියේ විධිවිධානවලට අනුව ආණ්ඩුකාරවරයාට ලබාදී ඇති අභිමතය අහිමි වන අතර බහුතර මන්ත්‍රීවරුන් සිටින තනි පක්ෂයේ පළාත් සභාවේ නායකත්වය ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් ආණ්ඩුකාරවරයා පත්කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් බව එම ලිපිය මගින් පෙන්වාදී ඇත.
ඒ අනුව ඌව පළාතේ මෙන් ඔවුන් නියෝජනය කරන පළාත් සභා තුළ අමාත්‍ය ධුරයන් වෙනස් කිරීමට ඇතැම් මන්ත්‍රී කණ්ඩායම් උත්සාහ කරන බවත් මෙවැනි කටයුතු සිදු නොකරන ලෙස ආණ්ඩුකාරවරුන් දැනුවත් කරන ලෙස ප්‍රධාන අමාත්‍යවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලාතිබේ.
බස්නාහිර, මධ්‍යම, වයඹ, සබරගමු, දකුණු පළාතේ හා උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, සරත් ඒකනායක, දයාසිරි ජයසේකර, මහීපාල හේරත්, ෂාන් විජයලාල් ද සිල්වා. එස්.එම්. රංජිත් මහත්වරුන් මෙසේ ඉල්ලා ඇත.