මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ නව සභාපතිවරයා තේරීම සඳහා අද (28දා) පැවැති රැස්වීමේදී දැඩි ගැටුම්කාරී තත්වයක් ඇති විය.
මධ්‍යම පළාත් කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මස්කෙළිය, “අම්බාල්” ශාලාවේදී මෙම රැස්වීම පැවැත්විණි.
මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ සභාපති ලෙස ලංකා කම්කරු කොංග්‍රසයෙන් තේරී පත්වූ ජී.සෙම්බගවල්ලි මහත්මිය තේරී පත්වූ අතර, උප සභාපතිවරයා ලෙස ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රසාද මන්ත්‍රීවරයෙකු වූ පී. පෙරියන්නන් ප්‍රදීපන් මහතා තේරී පත් විය.
මස්කෙළිය ප්‍රාදේශිය සභාව සඳහා මෙවර පැවැති පළාත් පාලන මැතිවරණයේදී ඡන්දයෙන් සභිකයන් 10 දෙනෙකු හා ප්‍රසාද මන්ත්‍රීවරුන් 06 දෙනෙක් සමග සමස්ථ සභිකයන් 16 දෙනෙක් තෝරා පත්කර ගෙන තිබිණි.
ඊයේ පැවති සභාපති තේරීමේ අවස්ථාවේදී ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් පත්ව සිටි සභිකයන් 07 දෙනා මෙම අවස්ථාවට සහභාගී වී සිටි අතර, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පත්ව සිටි සභිකයින් 07 දෙනාගෙන් එක් ප්‍රසාද මන්ත්‍රීවරියක් හැර අනෙක් 06 දෙනා සහභාගී වී සිටියහ.
මධ්‍යම පළාත් කොමසාරිස් මේනක හේරත් මහතා මෙහිදී මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස නම් යෝජනා කරන ලෙස දැන්වීමෙන් අනතුරුව ලංකා කම්කරු කොංග්‍රසයේ ජී. සෙම්බලවල්ලී මහත්මියගේ නම යෝජනා කෙරිණි. මෙහිදී වෙනත් යෝජනා කිසිවක් සභාපති තනතුරට ඉදිරිපත් නොවූ නිසා ජී. සෙම්බලවල්ලී මහත්මිය සභාපති ලෙස තේරී පත්වූවාය.
උප සභාපති ලෙස ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ලැයිස්තුවෙන් තේරී පත්ව සිටි පී. පෙරියනන් ප්‍රදීපන් මහතාගේ නම යෝජනා විය. වෙනත් යෝජනා නොවූ නිසා ඒ මහතා මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයා ලෙස තේරී පත්විය.
ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක