මවු පදවිය ලබනවා නම් දකුණු ආසියාව තුළ ඒ සඳහා හොඳම රට ශ්‍රී ලංකාව බව සේව් ද චිල්ඩ්රන් ආයතනය නිකුත් කළ ඔවුන්ගේ නවතම 2014 වාර්තාවෙන් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව මීට පෙර 2003 වසරේදීද මෙම ස්ථානය හිමිකර ගෙන තිබුණි. ඒ අනුව ශ්‍රී ලංකාවට නැවතත් එම ස්ථානය හිමිව තිබෙන්නේ වසර 11කට පසුවය.
මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ලෝකයේ රටවල් 178ක් අතරින් ශ්‍රී ලංකාවට හිමිවී තිබෙන්නේ 89 වැනි ස්ථානයයි.
දකුණු ආසියානු කලාපයේ ප්රබලතම රට ලෙස සැලකෙන ඉන්දියාවට හිමිව තිබෙන්නේද 137 වැනි ස්ථානයයි. එහිදී පකිස්තානයට 147 වැනි ස්ථානය හිමිව තිබෙන අතර, බංග්ලාදේශයට 130 වැනි ස්ථානය හිමිව තිබේ.
මෙම වාර්තාවට අනුව ඇමරිකා එක්සත් ජනපදයට 31 වැනි ස්ථානය හිමිවී තිබේ.
සේව් ද චිල්ඩ්රන් ආයතනය මෙම ශ්‍රේණිගත කිරීම සඳහා මව්වරුන්ගේ සහ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය, අධ්‍යාපනික මට්ටම, ආර්ථික තත්ත්වය හා කාන්තාව දේශපාලනයට සම්බන්ධවීමේ ප්‍රවණතාව යන නිර්ණායකයන් භාවිත කර ඇති බව පැවසෙයි.