දෙමටගොඩ, බේස්ලයින් මාර්ගයේදී වයස අවුරුදු 15ක පිරිමි ළමයකු පැදවූ මෝටර් රථයක ගැටී වයස අවුරුදු 47ක මව සහ වයස අවුරුදු 10 ගැහැණු ළමයකු මිය යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අවුරුදු 15ක ළමයා හා ඔහුගේ මව ඇප මත නිදහස් කිරීමට අලුත්කඩේ අංක 08 මහේස්ත්රාත් අධිකරණය කටයුතු කර තිබේ.
සැකකරු සහ සැකකාරිය නිදහස් කර ඇත්තේ එක් අයෙකුට රු. 10000/-ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත බව පොලීසිය කියයි.
සිද්ධියෙන් අගතියට පත් පාර්ශ්වයට රුපියල් ලක්ෂ 02ක මුදලක් වන්දි ගෙවීමට සැකකාර පාර්ශ්වය එකග වී තිබේ. සැකකරු හා සැකකාරිය කෝටිපති ව්යාපාරික පවුලක සාමාජිකයන් බවද පවැසෙයි.
නඩුව නැවතත් එළැඹෙන 25දා කැඳවීමට නියමිතය.