මවගේ අනියම් සැමියාගේ පහරදීමෙන් අවුරුද්දයි මාස 9ක් වයසැති පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් එම දරුවාගේ සිරුර රහසිගතව භූමිදානය කර ඇති බවත් පොලීසිය පවසයි.
සිලාවතුර ප්රදේශයේ සිදුවූ මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ සාරුක් කේලස් නැමැති දරුවෙකි. පොලිස් ක්ෂණික ඇමතුම් අංකය වන 119 ට ලැබුණු තොරතුරක් අනුව මෙම විමර්ශණය සිදුකර තිබේ.
අධිකරණයට කරුණු වාර්තා කර සිරුර අද දිනයේදී ගොඩ ගැනීමට නියමිත බවත් සිද්ධිය සම්බන්ධයෙන් මවගේ අනියම් සැමියා අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.