කොස්වත්ත, කොට්ටරාමුල්ල ප්රදේශයේ මවක් සිය දරුවන් දෙදෙනා සමග ළිදට පැනිමෙන් සියදිවි හානිකර ගැනිමට තැත් කර ඇති බව පොලීසිය කියයි.
ඊයේ (12දා) රාත්රියේදී මෙම සිදුවීම සිදුව ඇති අතර ප්ර දේශවාසීන් එක්ව ඔවුන් ළිදෙන් ගොඩගෙන තිබේ. සිද්ධියෙන් අවුරුද්දක් වයසැති දියණියක් මියගොස් තිබේ.
මව හා වයස අවුරුදු 07ක් වන අනෙක් දැරිය මාරවිල රෝහලේ ප්රතිකාර ලබන බව පොලීසිය කියයි. සිය දිවි නසා ගැනීමට තැත්කර ඇත්තේ පවුල් ආරවුලක් නිසා බවද පොලීසිය පවසයි.