මව දියණියන් දෙදෙනා සමග දිවි හානිකරගනියි
අනුරාධපුර විහාරකල්ලංචිය නිවාස 50 ගම්මානයේ මවක තම දරු දෙදෙනා සමගින් සිය දිවි හානි කර ගෙන තිබේ. 32 හැවිරිදි මෙම කාන්තාව නිවසේ මුළුතැන්ගෙයි බාල්කයක එල්ලී සිය දිවි හානිකර ගෙන ඇති අතර, ඇගේ වයස අවුරුදු එක හමාරක් සහ මාස 04 ක් වන කුඩා දියණියන් දෙදෙනාගේ සිරුරු නිවස අසල පිහිටි ලිදක තිබූ පොලීසිය සොයා ගෙන ඇත.
ඊයේ (07) රාත්රියේ දිවි හානි කර ගත් බවට සැක කරන මවගේ සිරුර මුළුතැන් ගෙයි එල්ලි තිබෙනු අද උදෑසන අවදී වූ ඇයගේ හත් හැවිරිදි පුත්රයා දැක ඒ පිළිබදව අසල්වාසීන් දැනුවත් කිරීමෙන් අනතුරුව පොලීසිය මෙම මළ සිරුරු සොයා ගෙන තිබිණි.
ඊයේ (07) රාත්රියේ මෙම කාන්තාව සිය දැරියන් දෙදෙනා නිවස අසල ඇති ලිද තුළට දමා පසුව ඇය ගෙලවැළලා ගන්නට ඇතැයි පරීක්ෂණ පවත්වන පොලීසිය සැක පළ කරයි.
ඇගේ සැමියා නාවික හමුදාවේ සේවය කර අතර සිද්ධිය සිදුවන අවස්ථාවේ ඔහු සේවයේ නිරතව සිට ඇති බවද පොලීසිය පවසයි.මිය යාමට මත්තෙන් මෙම කාන්තාව ලිපියක් ලියා තබා ඇති බවත්, එහි තම සැමියා මෙම මරණ ත්රිත්වය සදා වගකිව යුතු නැති බවට සටහන් කර ඇති බවත් පොලීසිය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

