මලික්ගේ LNG යෝජනාව ඉවත් කරන්නැයි බන්දුල ජනපතිගෙන් ඉල්ලයි
විවෘත ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව යමින් ස්වාභාවික ගෑස් නිෂ්පාදනය කිරීමේ පර්යන්තයක් (එල්.එන්.ජී.)ආරම්භ කිරීම සඳහා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා රජයට ඉදිරිපත් කර ඇති යෝජනාව වහාම ඉවත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (10දා) පැවසීය.
ශ්‍රී ලංකාව,ඉන්දියාව සහ ජපානය එක්ව ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන මෙම ව්‍යාපෘතිය ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ඉදිකිරීමට යෑමෙන් දූෂණ, වංචා අක්‍රමිකතා සිදුවිය හැකි බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙවැනි ස්වාභාවික ගෑස් පර්යන්තයක් ඉදිකිරීමට හා ස්වාභාවික ගෑස් භාවිතය සම්බන්ධව අවශ්‍ය දැනුම සහ පහසුකම් ලංකාව තුළ නොමැති බවත්,මේ සම්බන්ධව සොයාබැලීම සඳහා විශේඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


