සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අමාත්‍යාංශය මැදිහත්ව සිංගප්පූරුව සමග හොර රහසේ ඇති කරගත් වෙළෙඳ ගිවිසුම නිසා ශ්‍රී ලංකාව සිංගප්පූරුවට යටත්වන රටක් බවට පත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම ගිවිසුම හරහා රටට වාර්ෂිකව රුපියල් මිලියන 1500 කට අධික බදු මුදලක් අහිමි වී යන බවත් එහෙත් සංගප්පූරුවට වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක බදු ආදායමක් අහිමි වන බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේය.
කොළඹදී අද (19) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙම කටයුක්තට විෂයභාර අමාත්‍ය මලිත් සමරවික්‍රම මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ සෘජු සම්බන්ධයක් තිබෙන බවත් මේ නිසා වහාම මෙම දෙදෙනා තනතුරුවලින් ඉවත් කරන ලෙස අද (19දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිඛිතව දැන්වූ බවද මෙම ගිවිසුම හරහා සිංගප්පූරු ආයෝජකයන්ට ලංකාව තුළදී විශාල බදු සහන සේම ඕනෑම ඉඩමක ආයෝජන සිදුකිරීමටත් අවස්ථාව හිමිව තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.