හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පණ්ඩු බණ්ඩාරනායක සහ රුවන් රණතුංග යන දෙදෙනාගේ පරාජයට තමන් බවට ඔවුන් සඳහන් කළත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග කියයි. ප්‍රසන්න රණතුංග මහතා රුවන් රණතුංගගේ අයියා වෙයි.
"ඔවුන් දෙදෙනාගේ පරාජයට වග කිව යුත්තේ ඔවුන්ම මිස මා නොවේ. මහින්ද රාජපක්ෂ මහතාව සහ රාජපක්ෂ රජය ප්‍රසිද්ධියේ විවේචනය කල අපේ ඇතැම් අපේක්ෂකයන්ට (විශේෂයෙන්ම රුවන් මල්ලීට) මා අවස්ථා ගණනාවකදී එලෙස නොකරන ලෙස කීවේය. එහෙත් ඔවුන් එය ඇසුවේ නැත. මහින්ද රාජපක්ෂ මහතා සහ රාජපක්ෂ රජය ප්‍රසිද්ධියේ විවේචනය කිරීමේ දඬුවම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ඔවුන්ට ලබා දී ඇත" යැයි ප්‍රසන්න රණතුංග මහතා කියයි.
ප්‍රසන්න රණතුංග මහතා නිකුත් කළ නිවේදනය
අවලාද මගින් පරාජයේ වේදනාව වසා ගැනීමට ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූවන් දරන උත්සහය නිර්ලජ්ජිතයි.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් සන්ධානය පරාජය වූයේත් තමන් පරාජය වූයේත් මා නිසා බවට පන්ඩු බණ්ඩාරනායක රුවන් රණතුංග යන හිටපු මන්ත්‍රීවරුන් අවලාද නගා ඇත. ගම්පහ නියෝජ්‍ය නගරාධිපතිවරයාද ගම්පහ දිස්ත්‍රික්කයෙන් සන්ධානය පරාජය වීමට මා වග කිව යුතු බව සඳහන් කර ඇත.ගම්පහ දිස්ත්‍රික්කයෙන් සන්ධානය පරාජය වීමටත් පන්ඩු බණ්ඩාරනායක හා රුවන් රණතුංග යන මහතවරුන් පරාජය වීමටත් මා වග කිව යුතු බවට ඔවුන් නගන චෝදනා මම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමි ඔවුන් මේ උත්සහ කරන්නේ පරාජයේ වේදනාව අවලාද මගින් වසා ගැනීමටය එය නිරලජ්ජිත උත්සාහයකි තමන් පරාජය වූ විට අනෙකාට චෝදනා කිරීම නිවටකමකි.එවැනි නිවටකම් වලට මම අනුකම්පා කරමි.
රුවන් රණතුංග,පන්ඩු බන්ඩාරනායක සහ ගම්පහ නියෝජ්‍ය නගරාධිපතිවරයා මට එරෙහිව නගන ප්‍රධාන චෝදනා මෙසේයි
01. ගම්පහ සන්ධානය පැරදුනේ ප්‍රසන්න රණතුංග නිසා
02. මම පැරදුනේ ප්‍රසන්න රණතුංග නිසා
03. ප්‍රසන්න මහින්දට හිතවත් කන්ඩායමකගේ ජායරූප දාලා ඔවුන්ව විතරක් දිනවන්න කියල පත්‍රිකා බෙදුවා
මෙම චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිතය මෙම පදන්ම් විරහිත චෝදනා වලට මගේ කරුණු පැහැදිලි කිරීම මෙසේයි.
01. ගම්පහ සන්ධානය පැරදුනේ ප්‍රසන්න රණතුංග නිසා
පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සන්ධානය පරාජය වීමේ වගකීම අප සියළු දෙනා භාර ගත යුතුය. පක්ෂයේ සභාපති වරයා අතුළු සියළු දෙනාටම එහි වගකීම අඩු වැඩි වශයෙන් බෙදී යයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ සන්ධාන අපේක්ෂක කන්ඩායමේ නායකයා හෝ දිස්ත්‍රික් නායකයා මම නොවෙමි. පාර්ලිමේනතු මැතිවරණය සඳහා නාම යොජනා කැදවූ විට ගමපහ දිස්ත්‍රික්කයේ නාම යොජනා අවුලක් බවට පත් විය. නාම යොජනා ලැබිය යුතුම වූ සමන්මලී සහන් වැනි අය වෙනුවට පසුගිය කාලයේ ප්‍රාදේශීය සභා මැතිවරණයක් හෝ ජයග්‍රහනය කිරීමට නොහැකි වූ පුද්ගලයන්ට අපේක්ෂක කම් ලැබිනි ජනාධිපතිවරණයේදී සන්ධාන අපේක්ෂකයාට එරෙහිව කටයුතු කල ඇතමුන් මේ සම්බන්ධයෙන් බොරු ප්‍රචාර කරමින් චෝදනාව අප වෙත එල්ල කරන්නට උත්සහ දැරූ බව අපේ පාක්ෂිකයන්ට අමතක වී නැත.ගම්පහ දිස්ත්‍රික්කයේ සන්ධාන පරාජයේ වගකීම එම කණ්ඩායම නියෝජනය කල ජය ගත් හා පරාජය වූ සිළුම දෙනාම දැරිය යුතු බව මගේ අදහසයි.
02. මම පැරදුනේ ප්‍රසන්න රණතුංග නිසා
පන්ඩු බන්ඩාරනායක සහ රුවන් රණතුංග යන දෙදෙනාම මාධ්‍ය හමු පවත්වමින් සඳහන් කලේ ඔවුන්ගේ පරාජයට මා වග කිව යුතු බවයි. ඔව්න්ට ජන්දය නොදෙන ලෙස මා කියූ බව ඔවුන් සදහන් කර තිබිනි. මම පසුගිය මැතිවරණයේදී ගම්පහ ජනතාවගෙන් ඉල්ලුවේ එක දෙයකි ඒ මහින්ද මහතාට හිතවත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යවන ලෙසය කිසිවෙකුට ජන්දය නොදෙන්නැය මා ප්‍රසිද්ධියේ හෝ අප්රසිද්ධියේ ප්‍රකාශ කර නැත. එවැනි ප්‍රකාශයක් කර ඇත්නම් ඔප්පු කරන්නැයි මට අවලාද නගන ඔවුන්ට මම අභියොග කරමි.
පසුගිය ජනාධිපති වරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වූ පසු එතුමා මෙම මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවට රට තුල ජනාතා මතයක් ගොඩ නැගිනි. එය අපේ පාක්ෂිකයන්ගේ ද මතය විය. බහුතර පාක්ෂිකයන්ගේ අපේක්ෂාවද විය. ප්‍රසන්න රණතුංග ලෙස මා කැප වූගේ ඒ පාක්ෂික මතය ජයග්‍රහනය කිරිම සඳහායි අප පාක්ෂිකයන් වෙනුවෙන් එලෙස කටයුතු කරද්දී ඇතැමුන් පක්ෂයේ තීන්දු වලට මුවා වෙමින් යහ පාලන අණ්ඩුවට එකතු වුයේ විලි ලැජ්ජාව පැත්තකින් තබමිනි.පාක්ෂිකයන්ගේ නිවාස ගිනි තබද්දී වැඩ බිමේදී අපේ පාක්ෂකයන් ගුටි කද්දී ඇතැමුන් එක්සත් ජාතික පක්ෂය සමඟ දීග කෑ අයුරු පාක්ෂිකයන්ට මෙවර මැතිවරණයේදී අමතක කල නොහැකි විය. ප්‍රතිඵලය යහ පාලනයට වක්‍රව හෝ ඍජුවම උදව් කල අය ජනාතාව විසින් ගෙදර යැවීමයි. තමන් කළ වරදට අනුන්ට චෝදනා කිරීම තරම් නිවටකමක් මා දැක නැත. පන්ඩු සහ රුවන් කරන්නේ ඒ නිවට කමයි.
රුවන් මල්ලී මට කර ඇති චෝදනාව පිළිබඳව මා අතිශය කනගාටු වෙමි. ඔහුව දේශපාලනයට ගෙන ආවේ මාය. දේශපාලනයට ගෙනවිත් ඔහුව ජයග්‍රහනය කර වූ විට අඩුම තරමින් මට ස්තූති නොකල, මාව දිනවූයේ ප්‍රසන්න අයියා යැයි නොකියූ රුවන් මල්ලී පරාජය වූ විට ඔහුව පරාජය කලේ මා යැයි මාධ්‍ය හමුවක් තබා පවසා තිබේ. ඒ පිළබඳව මට ඇත්තේ කනස්සල්ලකි. අවුරුදු පහලවේ සිට තාත්තා සමඟ දේශපාලනය කල මා ගම්පහ මෙන්ම රටේම ශ්‍රී.ල.නි.ප පාක්ෂික මතය හොදින් හඳුනමි. ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසු රුවන් මල්ලී කටයුතු කලේ යහ පාලනයට හිතවාදීවය. මැතිවරණ කාලයේදී සන්ධාන ආණ්ඩුවේ හිටියේ හොරු බවත් හොරු සමඟ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සිදු වීම පිළිබඳ කනගාටු වන බවත් ඔහු කීවේය. තමන් පරාජය වී යන්නේ ගෙදර බවත් සන්ධානයේ ඇතැමුන් දිනන්නට උත්සහ කරන්නේ පරාජය වූවහොත් හිරේ යන්නට වන නිසා බවත් කීවේය. එවැනි ප්‍රකාශ ගම්පහ අපේ පාක්ෂිකයෝ අනුමත කලේ නැත.
රුවන් මල්ලී මට කරන චෝදනාව දරුවකු ශිෂ්‍යත්වය අසමත් වූ විට තම ගුරුවරයාට චෝදනා කිරීමක් බඳුය. ඔහු පරාජය වීම සැබැවින්ම මටද වේදනාවකි එහෙත් මම කටයුතු කලේ පාක්ෂිකයාගේ මතය ජයග්‍රහනය කිරීම සඳහාය. කෙසේ වෙතත් ඔහුගේ පරාජයට මා වග කිව යුතු බවට නගන චෝදනාව යලිත් ප්‍රතික්ෂේප කරමි. පන්ඩු සහ රුවන් යන දෙදෙනාගේ පරාජයට වග කිව යුත්තේ ඔවුන්ම මිස මා නොවේ. මහින්ද රාජපක්ෂ මහතාව සහ රාජපක්ෂ රජය ප්‍රසිද්දියේ විවේචනය කල අපේ ඇතැම් අපේක්ෂකයන්ට (විශේෂයෙන්ම රුවන් මල්ලීට) මා අවස්තා ගනනාවකදී එලෙස නොකරන ලෙස කීවේය. එහෙත් ඔවුන් එය ඇසුවේ නැත. මහින්ද රාජපක්ෂ මහතා සහ රාජපක්ෂ රජය ප්‍රසිද්දියේ විවේචනය කිරීමේ දඬුවම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ඔවුන්ට ලබා දී ඇත.
03. ප්‍රසන්න මහින්ද මහින්දට හිතවත් කන්ඩායමකගේ ජායාරූප දාලා ඔව්න්ව විතරක් දිනවන්න කියල පත්‍රිකා බෙදුවා
මෙයද පට්පල් බොරුවකි මුළු මැතිවරණ ව්‍යාපාරය පුරාම මගේ මැදිහත් වීමෙන් එවැනි පත්‍රිකා බෙදිමක් සිදු වි නැත. මහන්ද මහතාට හිතවත් පිරිස් ස්වේච්චාවෙන් ඉදිරිපත් වී මහින්ද මහතාට හිතවත් අපේක්ෂකයන්ගේ ජායාරූප සහිතව ඔවුන්ට ජන්දය දෙන ලෙස ඉල්ලා පත්‍රිකාවක් බෙදා හැර තිබිනි. මෙවැනි පත්‍රිකා මෙවැනි කණ්ඩායම් විසින් රට පුරා දිස්ත්‍රික් මට්ටමින් බෙදා හැර තිබුනි. පාක්ෂිකයන් තමන් විසින් තෝරා ගත් අපේක්ෂකයන් ජයග්‍රහනය කරන ලෙස ඉල්ලා මැතිවරණයකදි පත්‍රිකා බෙදීම අලුත් දෙයක් නොවේ. පන්ඩුටත් රුවන්ටත් ගම්පහ නියොජ්‍ය නගරාධිපති වරයාටත් මේ පත්‍රකාව අඬන්නට සිටි පුද්ගලයාගේ ඇහැට අඟිල්ලෙන් ඇනීමක් වී ඇති බවනම් පෙනෙ.
ජනතාවගේ අපේක්ෂාවන් තේරුම් නොගත් ජනතා මතයට ගරු නොකරන දේශපාලනඥයන්ට හිමි වන් ඉතිහාසයේ කුණු බක්කියයි. අපි පසුගිය මැතිවරණයේදී මෙපමන ආසන සංඛ්‍යාවක් දිනා ගත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඉදිරිපත් වීම නිසාය. එය අප පිළි ගත යුතු ඇත්තකි. ජනතා මතය හඳුනා නොගෙන ජනාතාවට පසුපස හැරවූ මේ අය සිය පරාජයේ වේදනාව නැති කර ගැනීමට උත්සහ කරන්නේ මට අවලාද නගමිනි. මේ චෝදනාවන් තනිකරම ද්වේශය මත පදනම් වූවකි. නටන්න බැරි මිනිහාට පොලව ඇද යැයි කියමනක් තිබේ මේ පරාජිත අදෝනාවත් හරියටම එවැනි හඬා වැටිමක් බඳුය. පරාජයේ වේදනාව වසා ගැනීමට ඔවුන් නගන මේ අවලාද නිර්ලජ්ජිතය. එයින් කියවෙන්නේ ඔවුන්ගේ ලැජ්ජා නැති කම පාර්ලිමේන්තු මන්ත්රීකමටත් වඩා ලොකු බවයි.මෙවැනි අවලාද වලින් ගම්පහ ජනතාව රැවටිය නොහැකි බව අවධාරනය කරමි.
දැන් අප කල යුත්තේ අවලාද කරමින් සිටීම නොව ඉදිරි මැතිවරණ වලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සන්ධානය ජයග්‍රහනය කිරීම සඳහා පියවර ගැනීමයි එය කල හැක්කේ පාක්ෂික මතය ජයග්රහන කිරීමෙන් පණක් බව සියළු දෙනා වටහා ගත යුතුව ඇත.
ප්‍රසන්න රණතුංග
බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය