දකුණු කොරියාවේ ව්‍යාප්ත වෙමින් පවතින මර්ස් කොරෝසා වෛරසය (MERS COV.) මෙරටට ඇතුළුවීම වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.
මෙහි එක් පියවරක් ලෙස හෙට (16දා) දකුණු කොරියාවේ සිට පැමිණෙන සියලුම ගුවන්යානාවල සිටින මගීන් කටුනායක ගුවන්තොටුපොළේ ඇති සෞඛ්‍ය ඒකකයේදී පූර්ව පරීක්ෂාවකට ලක්කිරීමට කටයුතු කෙරේ.
දකුණු කොරියාවේ මෙන්ම මැදපෙරිදිග සිට පැමිණෙන සියලුමදෙනා ගුවන්තොටුපළ සෞඛ්‍ය ඒකකයට වාර්තා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය එම ගුවන් මගීන්ගෙන් ඉල්ලා සිටියි.