සුදු වෑන් වලින් පුද්ගලයින් අතුරුදන් වීමේ සිදුවීම් පිළිබඳව උසිවියේ විභාග වන නඩු තුනක් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (25දා) නොතීසි නිකුත් කරනු ලැබීය.
ඒ අනුව ඔහට එළැඹෙන නොවැම්බර් මස 11දා අධිකරණයේ පෙනී සිටින්නැයි උසාවිය දැන්වීය. සුදු වෑන් වලින් පුද්ගලයින් අතුරුදන් කිරීම පිළිබඳව සාක්ෂා තමා දන්නා බවට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරනු ලැබූ ප්‍රකාශයක් අනුව ඔහුව මෙසේ අධිකරණයට කැඳවීමට නියමිතය.
ලක්මාල් සූරියගොඩ/ බුද්ධිමාල් රුබේරු