ඒකාබද්ධ විපක්ෂය යන ශුද්ධ වචනය හොරුන්ට, මංකොල්ලකරුවන්ට භාවිත කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවත්, ඒවෙනුවෙන් විපක්ෂයේ කාර්යභාරය ඉටුකිරීමට තමා මැදිහත්වී ඒකාබද්ධවිපක්ෂයක් පිහිටුවා ගන්නා බවත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසීය.
අද (16දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේබව පැවසීය.
එමෙන්ම එදා සියලු දේ සිදු වූයේ රාජපක්ෂවරුන්ගේ අවශ්‍යතාව මත බවත්, ඔවුන්ගේ බොහෝ අවශ්‍යතා වෙනුවෙන් තමාට පෙනී සිටීමට සිදු වූ බවත් මර්වින් සිල්වා මහතා කීය. අද සිට ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ලෙස තමා කටයුතු කරන අතර, ඉදිරියේදී බොහෝ පිරිසක් තමා වටා එක්වනු ඇතිබවද ඒ මහතා කියා සිටියේය. බුලත් කොළයෙන් ඡන්දය ඉල්ලා පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක් ආණ්ඩුව කරන විට එහිම තවත් පිරිසකට ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටීමට කිසිදු හැකියාවක් නැතැයිද හෙතෙම පැවසීය.