මරදාන සිට බත්තරමුල්ල දක්වා මාර්ගයේ වාහන තදබදයට විසඳුමක් ලෙස එම මාර්ගය ඔස්සේ නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට රජය පියවර ගෙන ඇත.
ප්‍රවාහන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පත් කර ඇති මෙහෙයුම් කමිටුවේ නිර්දේශ මත පදනම්ව කිලෝමීටර්10 ක දුරකින් යුත් මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධිකාරී විජය සමරසිංහ මහතා පවසයි.
රාජ්‍ය ආයතන බොහෝමයක් බත්තරමුල්ල නගරය ආශ්‍රිතව පිහිටා ඇති බැවින් දිනපතා බත්තරමුල්ල සිට ගමන් කරන 20,000කට වැඩි රාජ්‍ය සේවකයන්ට මෙම දුම්රිය ව්‍යාපෘතිය මගින් සෙත සැලසෙන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
ශ්‍රී ලංකා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) විසින් දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා උපදේශන සේවා සැපයීම සිදුකරන අතර, රජය විසින් මෙම දුම්රිය මාර්ග පද්ධතියට විදුලිය ලබා දී විදුලිබල දුම්රිය ක්‍රියාත්මක කිරීම සඳහා ඇති හැකියාව සොයා බැලීමටද කටයුතු කරනු ඇතැයි ඔහු පැවසීය.