විදේශිකයෙකු මරා දැමීමේ වරදකට මරණ දඬුවම නියම වී සිටින ශ්රී ලාංකික තරුණයන් තිදෙනා නිඳහස්කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ විශේෂ නියෝජිතයෙකු සෞදි අරාබියාව බලා පිටත්කර යැවීමට රජය තීරණය කරතිබේ.
ඇමැති රවුෆ් හකීම් මහතා ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා වශයෙන් විශේෂ පණිවුඩයක් ද රැගෙන පිටත්ව යාමට නියමිත අතර එහිදී සෞදි අරාබියානු නව රජු හමුවීම අපේක්ෂාව බව විදේශ රැකියා ප්රවර්ධන ඇමැතිනී නීතීඥ තලතා අතුකෝරාල මහත්මිය අද ට පැවසීය.
යේමන් ජාතිකයෙකු ඝාතනය කොට ඔහු සතුව තිබූ මුදල් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවන් කරමින් මේ ශ්රී ලාංකිකයන් තිදෙනාට සෞදි අරාබියානු අධිකරණයක් මඟින් මරණ දඬුවම නියමකර තිබෙන අතර ඔවුන් නිදහස්කර ගැනීම වෙනුවෙන් හැකි සෑම ක්රියාමාර්ගයක්ම ගන්නා බවද එහි ප්රතිඵලයක් වශයෙන් ඇමැති රවුෆ් හකීම් මහතා සෞදි අරාබියාව බලා පිටත්ව යන බවද ඒ මහත්මිය සඳහන් කරයි.