මරණ දඬුවම, ජීවිතාන්තය තෙක් සිරදඬුවමක් දක්වා අඩුකිරීමට රජයට නිර්දේශ ඉදිරිපත් කර තිබේ. බන්ධනාගාර තදබදය අවම කිරීමට අදාළව පත්කරනු ලැබූ අන්තර් ආයතනික කාර්යසාධන බළකායේ පළමු වාර්තාව මගින් මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
මම කමිටුවෙන් බන්ධනාගාර තදබදයට හේතුවන අධිකරණමය හා නෛතික හේතු හඳුනාගැනීම සහ බන්ධනාගාර ප්රතිසංස්කරණ සඳහා වන යෝජනා ඉදිරිපත් කෙරිණි.
එහිදී පහත සඳහන් නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
1) සිරදඬුවම් ලබාදීම වෙනුවට ප්රජා පාදක විශෝධන ක්රම ඵලදායී ලෙස උපයෝගී කරගැනීම.
2) දඩ මුදල් ගෙවීමට නොහැකි නිසා සිරදඬුවම් ලබාදීම වෙනුවට අදාළ දඩ මුදල කොටස් වශයෙන් ගෙවීමට අවස්ථාව සලසනු ලබන 1995 අංක 4 දරන අපරාධ නඩුවිධාන සංග්රහය (සංශෝධන) පනතේ විධිවිධාන පූර්ණ ලෙස ක්රියාත්මක කිරීම.
3) මහේස්ත්රාත් අධිකරණය වෙත අධිකරණ බලය නොමැති නඩු සම්බන්ධයෙන් නීතිපතිවරයා මගින් මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරනු ලබන තෙක් එම නඩු කටයුතු මහේස්ත්රාත් අධිකරණයේ අඛණ්ඩව පවත්වාගෙන යෑම සහ එහි ක්රියාවලිය තුළ අදාළ නඩුගොනු අස්ථානගතවීම වැළැක්වීම සඳහා කළමනාකරණ තොරතුරු පද්ධතියක් ක්රියාත්මක කිරීම.
4) චෝදනා ගොනු කිරීමකින් තොරව බන්ධනාගාරගත කර සිටින්නන් බැඳුම්කරයක් මත මුදාහැරීමට කටයුතු කිරීම සහ පනතේ විධිවිධින පරිදි මහේස්ත්රාත්වරුන් මසකට වරක් බන්ධනාගාර නිරීක්ෂණ චාරිකා සිදුකර අධීක්ෂණය කිරීම.
5) 1997 අංක 30 දරන ඇප පනතේ විධිවිධාන අනුව ඇප ලබාදිය හැකි වරදවල් සම්බන්ධව පොලිස් ඇප ලබාදීමේ ක්රමය යොදාගැනීම.
6) මරණ දඬුවම, ජීවිතාන්තය තෙක් සිරදඬුවමක් දක්වා අඩුකිරීමට ඇති හැකියාව සලකා බැලීම.
7) අලුතින් බන්ධනාගාර ඉදි කිරීම හා ප්රතිස්ථානගත කිරීම
8) අලුතින් බන්ධනාගාරවල රැඳවූවන් හා කාර්යමණ්ඩලය සඳහා ආරක්ෂිත හා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම.