තමාට දුරකථනය මගින් මරණ තර්ජන එල්ලවීම පිළිබඳව හෙට (12දා) උසස් පොලිස් නිලධාරීන් හමුවී සාකච්ඡා කරන බව කථානායක කරු ජයසූරිය මහතා අද (11දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් ඒ මහතා සඳහන් කළේ, මෙම සිදුවීම සම්බන්ධව තමාගේ ආරක්ෂක නිලධාරීන්ට සොයාබලන්නැයි දැන්වූ බවයි.
අද දිනයේදී එයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කාලයක් නොමැති බවත්, ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් පැවසූ කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, සභාව ඇමතීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාදී ඇති විනාඩි 81 න් 61 ක්ම අද දිනයේදී ඒකාබද්ධ විපක්ෂයට ලබාදුන් බවයි.