ලෝකය පුරා සිදුවන මරණ 10ක් අතරින් එක් මරණයක් සිදුවෙන්නේ දුම් පානය හේතුවෙන් බව සමීක්ෂණයකින් හෙළිව තිබේ. එසේම ඒ ආකාරයට සිදුවන මරණ අතරින් 52%ක්ම වාර්තා වෙන්නේ චීනය, ඉන්දියාව, ඇමෙරිකාව හා රුසියාව යන රටවල් හතරින් බවත් මෙම සමීක්ෂණයෙන් හෙළිව තිබේ.
The Lancet නම් ආයතනය විසින් නිකුත් කළ වෛද්‍ය පරීක්ෂණයකින් මෙම කරුණු හෙළිව තිබේ. මෙහිදී ලෝකයේ දුම් පාන තත්ත්වයන් පිළිබඳව සුවිශේෂී කරුණු කිහිපයක්ම එළි දක්වා තිබේ.
එහි සාරංශය පහත පරිදි කරුණු වශයෙන් සඳහන් කළ හැකිය.
01 2015 වසරේදී ලෝකයේ මරණ අතරින් සියයට 11.5ක්ම (මිලියන 6.4ක්) වාර්තා වී ඇත්තේ දුම්බීම හේතුවෙනි.
02 අකාළයේ සිදුවන මරණ සඳහා දෙවැනි විශාලතම හේතුව වන්නේ දුම්පානයයි.
03 2015 වසරේදී දිනපතා දුම්පානය කරන සංඛ්‍යාව මිලියන 933.1කි. (එයින් 82.3%ක් පිරිමින්ය)
04 දුම්පානය කරන පිරිමින් වැඩියෙන්ම සිටින රටවල් වන්නේ චීනය, ඉන්දියාව හා ඉන්දුනීසියාවයි.
05 දුම්පානය කරන ගැහුණුන් වැඩියෙන්ම සිටින රටවල් වන්නේ චීනය, ඉන්දියාව හා ඇමෙරිකාවයි.
ලෝකයේ බොහෝ රටවල් දුම්පානය වැළැක්වීම සඳහා ප්‍රතිපත්ති ගෙන ආවත් එවා ක්‍රියාත්මක වීමේදී ජනගහන වර්ධනය ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබේ. ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල් හා නව වෙළඳපොළවල් ඉලක්ක කර ගනිමින් දුම්කොළ සමාගම් විවිධ ප්‍රචාරණ කටයුතු සිදු කිරිම හේතුවෙන් තවදුරටත් දුම්පානය කරන සංඛ්‍යාව ඉහළ යනු ඇති බව ඔවුන් පෙන්වා දෙයි.