ගල්කිස්ස අධිකරණ භූමියට ගිනි අවි දෙකක් ගෙන ඒමට හේතුව හා එම ගිනි අවි ගෙන ආ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. අධිකරණ භූමියට ගිනි අවි දෙක රැගෙන ආ බව කියන විදානගමගේ රංගන නොහොත් මයියා වැල්ලවත්ත ප්ර දේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු සන්තකයේ හෙරොයින් ග්රෑම් 1.2ක්ද තිබී ඇත. ඔහුව දින හතක කාලයක් රඳවා තබාගෙන ප්රශ්න කිරිමට පොලීසියට අවසර ලබාදිමට ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණය කටයුතු කළේය.
මේ අතර පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක ප්රතිඵලයක් ලෙසින් එක් පාතාල කල්ලි සාමාජිකයෙකු ඝාතනය කිරීම සඳහා මෙම ගිනි අවි අධිකරණය භූමියට ගෙනවිත් තිබේ. ගොනා කොවිෙලේ රොහා නැමැති සැකකරුවෙකු ඝාතනය කිරීම සඳහා මෙම ගිනිඅවි අධිකරණ භූමියට ගෙනවිත් ඇත්තේ රොෂා නැමැති පාතාල කල්ලි නායකයෙකුය. එම සැකකරුද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ගිනි අවි සොයාගත් දිනයේදී රොහා නැමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සිද්ධිය සිදු වූ දිනයේදී අධිකරණ භූමියට සුදු කමිසවලින් සැරසුණු පුද්ගලයන් 16 දෙනෙකු රැගෙන ආවේද රොෂා නැමැති සැකකරුය.