ක්‍රීඩාව, දේශපාලනය, ජනමාධ්‍ය සහ කලා ක්ෂේත්රය තුළ පවත්නා මමත්වය, කණ්ඩායම් වාදය, කඹ ඇදිලි, බෙදීම් වැනි තත්ත්වයන් හේතුවෙන් ජයග්‍රහණ සඳහා බාධාවන් ඇතිවී තිබෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් දිනූ ක්‍රීඩකයන් ඇගයීම සඳහා අරලිය ගහ මන්දිරයේ පසුගියදා (26දා) පස්වරුවේ පැවැති උත්වසයට එක්වෙමිනි.
රටක් ලෙස ඉදිරියට යාමට නම් අසමගිකම් දුරලා එකාමෙන් එකමුතු විය යුතු බවත් රජයේ ක්‍රීඩා ප්‍රතිපත්තිය තුළ ක්‍රීඩා ක්ෂේත්රයට අයත් සෑම ආයතනයකටම අවශ්‍ය භෞතික හා මානව සම්පත් ලබාදෙමින් ශ්‍රී ලංකාව ක්‍රීඩාවෙන් ලෝකයේ ප්රමුඛස්ථානකට ඔසවා තැබීම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් හා ඔවුන්ගේ පුහුණුකරුවන් වෙනුවෙන් රුපියල් කෝටි හයකට අධික වටිනාකමකින් යුත් මුදල් තිළිණ ප්රදානය කිරීම හා ජනාධිපති ක්‍රීඩා සම්මාන උලෙළ -2015 නිල වෙබ් අඩවියද මෙහිදී විවෘත කෙරිණ.