ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා සමග තම පියාට කොපමණ කලකිරීම් තිබුණද, කොපමණ ප්‍රශ්න තිබුණද එතුමා දෙවැනියා ලෙස ජනාධිපති ජේ.ආර්ජයවර්ධන මහතාගේ සෙවනේ සිටි බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
තමාද එම පාඩමින් වෙනස් වීමට නොයන බවත්, තමා එයින් හොඳ උගත් පාඩමක් ඉගෙනගෙන තිබෙන බවත් පවසා සිටියේය. උගත් පාඩම් ඉගෙන ගෙන පක්ෂය රැකගෙන ගමනක් යන බවත්, ඔලුගෙඩි මාරු වූවාට තනතුරු නිර්මාණය වූවාට පාක්ෂිකයන් බලාපොරොත්තු වූ දේ සිදු නොවුණහොත් ඔය එකකිනිදු ඵලක් නොමැති බවද සඳහන් කළේය.
ඊයේ (06) සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති මැයි දින රැලියට සහභාගී වෙමින් මේ බව සඳහන් කළ නියෝජ්‍ය නායකවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.
"ජනතාව බලාපොරොත්තු වන සංවර්ධන කටයුතු සිදු නොවුණහොත් අප සියලුදෙනාට දෙයියන්ගේ පිහිටයි.ඉදිරි ජනාධිපතිවරණයක් ගැන කතා කිරීමට පෙර ඉදිරි පළාත් සභා මැතිවරණය ජයගත යුතුයි. ඉදිරි ගමන ජයග්‍රහණය කර ගැනීමට නම් ආර්.ප්‍රේමදාස මහතා පාසල් දරුවන්ට නිලඇඳුම ලබාදුන් ආකාරයටම නැවත නිලඇඳුම ලබාදිය යුතුයි.
ඉදිරි අයවැයේදී ගොවීන් සියලුදෙනාටම නොමිලේ පොහොර ලබාදෙන යෝජනාවක් ක්‍රියාත්මක වුණොත් හොඳයි. ජයග්‍රහණයයි, සමගියයි එකට යා යුතුයි. සමගියේ නාමයෙන් ජයග්‍රහණය කැප කිරීමට නොහැකියි. ජයග්‍රහණයේ නාමයෙන් සමගිය නැති කරගතද නොහැකියි."