තමන් හොරෙකු නොවන බවත්, වෘත්තීය පදනමක් තබාගෙන මහන්සියෙන් නීත්‍යානුකූලව රටේ ඉදිරිය පැමිණි පුද්ගලයෙකු බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
අමාත්‍යවරයා වඩාත් හැඟීම් බරව මේ අදහස් පළ කළේ අද (16දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
තමන් රේගුවට රුපියල් මිලියන 6500 ක් පාඩු සිදු කළ බවට පවසමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා නගන චෝදනාවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා "අපි හොරු නෙමෙයි. බලන්න අපි කොච්ච පිරිසිදුව මේ දේවල් කරගෙන යනවාද කියලා. අපි වෘත්තීය පදනමක් තියාගෙන මහන්සියෙන් මේ රටේ නීත්‍යානුකූලව ඉදිරියට ඇවිල්ලා තියෙන පුද්ගලයෝ. මේ අය කරනවා වගේ වංචා සහගත දේවල් කරලා නෙමෙයි අපි දේශපානය කරන්නේ." යනුවෙන්ද සඳහන් කළේය.
ඒ අනුව තමාට එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, පදනම් විරහිත බවත් පවසා සිටි අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට අපහාස නඩුවක් ගොනු කිරීමටද සූදානම් බවත් ප්‍රකාශ කළේය.