භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිවුදෙනෙක් ඝාතනය කිරීමේ නඩුවට අදාළව තමන් නිර්දෝශී බව අධිකරණයට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා කීවේය.
අද (28දා) එම නඩුව කැඳවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මෙම අදහස් දැක්වීය. 19 වැනි සංශෝධනයට සහාය දක්වන බවත්, මඩ ගැසීම්වලට පසුබට නොවන බවත් ඔහු සඳහන් කළේය.
"මම කිවුවා මම නිර්දෝෂීයි කියලා ඒක තමයි මට කියන්න තියෙන්නේ. 19 වැනි සංශෝධනයට සහාය දක්වනවා. කොලොන්නාවේ වැඩටික මම කරගෙන යනවා. මේ මඩ ගැසීම්වලදී අසත්‍ය චෝදනා එල්ල කරලා යම් යම් ක්‍රියාදාමයන්වල යෙදී සිටිනවා.මඩ ගැසීම්වලට මම පසුබට වෙන්නේ නෑ. ජනතාව මගෙත් එක්ක ඉන්නවා."
ශාන්ත රත්නායක