තමන් නැවත ජනාධිපතිවරණයකට තරග නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (28දා) දැදිගම රජමහා විහාරයේ පැවැති ආශීර්වාදාත්මක බෝධි පූජාවට සහභාගි වීමෙන් අනතුරුව රැස්ව සිටි ජනතාව අමතමිනි.
"සියලු සංවර්ධන කටයුතු නැවතිලා. ආර්ථික භෝගවල මිල බැහැලා. මේකද යහපාලනය කියන්නේ. යහපාලනය ගැන ජනතා විමුක්ති පෙරමුණ කතා කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ යහපාලනයේ අය ඉන්නවානේ. මම ජනාධිපතිවරණයට ඉල්ලයි කියලා මේ අය නීති හදනවා. මම නැවැත ජනාධිපතිවරණයකට ඉල්ලන්නේ නෑ.
අද බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා අත්අඩංගුවට ගත්තා, සමෘද්ධිලාභීන්ගේ මුදල් ඔවුන්ට ලබාදුන්නා කියලා. සිල් රෙදි බෙදාදීම වරදක්ද? ඉදිරියේදී රජයේ සේවයකයන් රාජකාරි කරන්නත් බය වේවි. අමාත්‍යවරයාට පුළුවන් එය වංචාවක් කියලා අත්අඩංගුවට ගන්න. මේ අපෙන් පළිගැනීම නවත්තන්න. මට මන්දිරෙත් එකයි, හිරගෙදරත් හුරුයි. මේ පවතින වෛරී, ක්‍රෝධ දේශපාලනය නවත්වලා මෛත්‍රිය පතුරුවන්න."යැයි පවසා සිටියේය.
ආර්. නරසිංහ - බුලත්කොහුපිටිය