මම තෘප්තිමත් නෑ - සජිත්
තමන්ට මේ දිනවල දුරකතන ඇමතුම් ලබාදෙමින් සතුටුදැයි අසන නමුත් තමන් තෘප්තිමත් නොවන බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
හම්බන්තොට ඉදිවූ අමරදේවගම ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මේ දිනවල මට දුරකතන ඇමතුම් බොහෝ පැමිණෙනවා. බොහෝ අය කතා කර මට සුබ පතනවා. සමහරු දැන් සතුටුයි නේද කියා මගෙන් විමසනවා. ඒ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර මට නැවත ලැබීම නිසයි. ඔවුන් මගෙන් අහනවා දැන් නියෝජ්‍ය නායකකමට වැඩි බලතල ලබා දෙනවා නේද කියා. මට හිමිවන තනතුරුවලින් මා වැඩිය තෘප්තිමත් වන්නේ නැති බව මා ප්‍රකාශ කරනවා. මට තෘප්තිමත් වන්නට පුළුවන් වන්නේ රටේ ජනතාවට සේවයක් සිදු කිරීමෙනුයි.
පෙර පරිදී පොහෙර සහනාධාරය ජනතාවට දෙනවා නම්, පෙර ක්‍රමයටම යළි පාසල් නිල ඇඳුම දරුවන්ට ලබා දෙනවා නම්, මට සතුටු විය හැකියි. එමෙන්ම රටේ සිටින රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීමට පුළුවන් නම්, රටේ ජීවත් වන ජනතාවගේ නිවාස ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට හැකිනම් මට සතුටු විය හැකියි. මා සෑහීමකට පත් වන්නේ ජනතා සංවර්ධනය දැකීමෙනුයි. රටේ පුරවැසි පරපුර සතුටක් ලබන්නේ කවදාද, මාද සතුටු වන්නේ එදිනටයි."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


