ශ්‍රී ලංකාවේ සිදුවූ දූෂණ හා අක්රමිකතාවන්ට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාදවීම හෙතුවෙන් ඇතැම් පුද්ගලයින් තමන්ට දොස් පවරණ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉකුත් රජය යටතේ සිදුවූ දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව කරුණු සේවීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව අගමැතිවරයාට ඉදිරිපත් කිරීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව ඊයේ (24දා) සඳහන් කළේය.
එම අමාත්‍යාංශයේ සිදුවූ අක්‍රමිකතා 18ක් පිළිබඳව මෙහිදී කරුණු අණාවරණය කර ගෙන තිබේ. ක්‍රීඩාවේ දූෂණ සිදුකිරීමට ඉඩ ලබානොදෙන බවත්, යහපාලනය ක්‍රීඩා අංශයටද ගෙනෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේයත
"නිල කාලය අවසන් වුණත් හොරු ටික අල්ලනවා. මට බනිනවා මම ඩීල් දාලා කියලා. දූෂණය නැතිකරනවා" යැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.