තමා තාමත් කෝටුව අතට නොගත් බවත්, කෝටුව අතට ගත් දිනට ඇතැම් පාර්ශ්වයනට විශාල ප්‍රශ්ණ වලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් වයඹ ප්‍රධාන අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ප්‍රධාන අමාත්‍යවරයා එසේ පැවසුයේ ඊයේ (12දා) කුරුණෑගල යන්ත්‍රෝපකරණ අධිකාරියට සේවා ස්ථානයක් ආරම්භ කිරීම සඳහා මුල් ගල තැබීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
“මිනිස්සු අපිට බලයක් දුන්නෙ වැඩකරන්න. වැඩකරන්න බැරිනම් මම යන්නෙ නෑ,වැඩකරන්න බැරි අය යන්න.මම යන්නේ ඊළඟ ඡන්දෙන්. ඡන්දෙට කලින් වැඩ කරන්න බැරි අය යන්න. මනුස්සකම තිබුණා කියල ඒ මනුස්සකම අයුතු ලෙස පාවිච්චි කරන්න හදන්න එපා. මම තාම කෝටුව අතට ගත්තෙ නෑ. කෝටුව අතට ගත්තට පස්සෙ ලොකු ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න සිද්ද වෙයි” යනුවෙන් ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.