වත්මන් රජය තුළ තමන් සිටින්නේ හොරු සමග හෙළුවෙන් බවත්, එය වත්මන් රජයේ තිත්ත ඇත්ත බවත් සමාජ සේවා හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය.
පසුගිය මැතිවරණ සමයේදී උගුර ලේ රහවනතුරු කෑගසමින් බලයට පත් වූ පසුව හොරුන්, වංචාකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නා බවටත්, ගුවන්තොටුපොල වසාදමන බවටත් ප්‍රකාශ කළද මේ වනතුරු එම කාර්යය සිදුනොවූ බව ඔහු පවසා සිටියේය.
දූෂණ වංචාවලට එරෙහිව කතා කළ සමහර අයට තනතුරු ලැබුණු පසු නිහඬ වුවද, තමන් ජනතා අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටින බව නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.