තමන් ඇමෙරිකානු පුරවැසියෙක් බවත් තමන්ට ශ්‍රී ලංකාවේ අගමැති තනතුරට පත්විය නොහැකි බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ඇමෙරිකාවේ සිට අද (12දා) ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේය. ඉන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“මේ රටේ ජනතාව ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණයෙන් හොඳ පිළිතුරක් දීලා තියෙනවා. මම ඇමෙරිකානු පුරවැසියෙක් අගමැතිකම ගන්න හැකියාවක් නැහැ. දේශපාලනයට එන්න තාම අදහසක් නැහැ. ඒ වගේම මේ වගේ ආණ්ඩුවක අගමැති කමක් ගන්න කිසිදු උවමනාවක් නෑ. මහින්ද නැතුව ලන්ඩන් වලත් ලොකු ප්‍රශ්න”
ප්‍රසාද් මුතුකුඩ