අනුර කුමාර දිසානායක නියෝජ්‍ය පොලිස්පති කෙනෙකුගේ චරිතය නිරූපණය කරන බවට විමල් වීරවංශ මහතා සඳහන් කරනවා නම්, තමා සැබෑ ලෙසම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූවා නම් විමල් වීරවංශ මහතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර මහතා සඳහන් කළේය.
ජවිපෙ නායකවරයා මේ බව පැවසුවේ, අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
ලක්ෂ 110 ක මහජන ධනය වියදම් කර, ඉදිකළ ගෙවල් 06 න් එකක් ශිරන්ති රාජපක්ෂගේ මාධ්‍ය ලේකම්ට ලබාදී තිබෙන අතර, ඉතිරි ගෙවල් 05 ලක්ෂ 08 බැගින් ඥාතීන්ට ලබාදී තිබෙන බවත්, එය වරදක් බවද ඒ මහතා පවසා සිටියේය.
නිවාස අධිකාරියේ දින පොත් මුද්‍රණය කිරීමට ලක්ෂ 140 ක් වියදම් කර තිබෙන බවත්, විදේශ ගමන් බලපත්‍ර ගැටලු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබුණ බවද දිසානායක මහතා සඳහන් කළේය.
මීට අමතරව නිවාස අමාත්‍යාංශය තුළ වැඩ නොකළ පිරිස්වලට වැටුප් ගෙවා තිබෙන බවත්, මේ නිසා තමා නියෝජ්‍ය පොලිස්පති කෙනෙකු නොවීම ගැන විමල් සතුටු විය යුතු බවද පවසා සිටියේය.