හම්බන්තොට ප්රදේශයට කිලෝමීටර් 63 ක් වූ මුහුදු ප්රදේශයේදී යාන්ත්රික දෝෂයක් හේතුවෙන් අනතුරට පත් ˝මනුසත්˝ සහ ˝ඉසුරු පුතා 03˝ නැමති බහුදින ධීවර යාත්රාවන් සහ එහි සිටි ධීවරයින් දස දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් සිදු කළ දැනුම් දීමකට අනුව මෙම ධීවරයි බේරා ගැනීම සඳහා නාවික හමුදාව 28 වන දින සවස ˝උදාර˝ නෞකාව පිටත්කර කර තිබේ.
ධීවරයින් පිරිස බේරා ගැනීමෙන් අනතුරුව, අළුත්වැඩියා කල හැකි තත්ත්වයේ නොතිබූ බහුදින ධීවර යාත්රාවන්, රළු මුහුදු තත්ත්වය යටතේ ආරක්ෂාකාරී ලෙස අද (30) දින හම්බන්තොට ධීවර වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.