මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතරින් 48 දෙනෙකු මනාප ලක්ෂයට වඩා ලබාගෙන පාර්ලිමේන්තුවට තේරීපත් වී තිබේ.
ඉන් වැඩිම මනාප ලබාගෙන ඇත්තේ යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය. ඒ මහතා මනාප 500,566 ක් ලබාගෙන තිබේ.
දෙවැනි වැඩිම මනාප ලබාගෙන ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වන අතර, ඔහුට මනාප 423,529 ක් හිමිවිය.
එ.ජ.නි.ස යටතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කළ ප්‍රසන්න රණතුංග මහතා මනාප 384,448 ක්ද, එම සන්ධානයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ විමල් වීරවංශ මහතා මනාප 313,801 ක්ද ලබාගෙන වැඩිම මනාප ලැබූවන් අතර පෙරමුණේ සිටිති.
අනෙකුත් අපේක්ෂකයන්ගේ මනාප ලැයිස්තු මෙසේය,
අකිල විරාජ් කාරියවසම් 286,165 (කුරුණෑගල - එ.ජා.ප), කුමාර වෙල්ගම 218,614 (කළුතර - එ.ජ.නි.ස), රන්ජන් රාමනායක 216,483 (ගම්පහ - එ.ජා.ප), හරීන් ප්‍රනාන්දු 200,806 (බදුල්ල - එ.ජා.ප), ලක්ෂ්මන් කිරිඇල්ල 199,046 (මහනුවර - එ.ජා.ප), උදය ගම්මන්පිල 198,818 (කොළඹ - එ.ජ.නි.ස), සුසිල් ප්‍රේම්යන්ත් 174,075 (කොළඹ - එ.ජ.නි.ස), අර්ජුන රණතුංග 165,890 (ගම්පහ - එ.ජා.ප), රුවන් විජයවර්ධන 157,932 (ගම්පහ - එ.ජා.ප), ප්‍රේමලාල් ජයසේකර 154,980 (රත්නපුර - එ.ජ.නි.ස), ගයන්ත කරුණාතිලක 149,575 (ගාල්ල - එ.ජා.ප), තලතා අතුකෝරළ 145,828 (රත්නපුර - එ.ජා.ප) වජිර අබේවර්ධන 142,874 (ගාල්ල - එ.ජා.ප), රාජිත සේනාරත්න 142,186 (කළුතර - එ.ජා.ප), නිමල් සිරිපාල ද සිල්වා 134,406 (බදුල්ල - එ.ජ.නි.ස), දයාසිරි ජයසේකර 133,532 (කුරුණෑගල - එ.ජ.නි.ස), අජිත් පී. පෙරේරා 131,383 (කළුතර - එ.ජා.ප), ලොහාන් රත්වත්තේ 129,750 (මහනුවර - එ.ජ.නි.ස), නාමල් රාජපක්ෂ 127,201 (හම්බන්තොට - එ.ජ.නි.ස), රෝහිත අබේගුණවර්ධන 127,040 (කළුතර - එ.ජ.නි.ස), දිනේෂ් ගුණවර්ධන 124,451 (කොළඹ - එ.ජ.නි.ස), මහින්දානන්ද අලුත්ගමගේ 123,393 ( මහනුවර - එ.ජ.නි.ස), හර්ෂණ රාජකරුණා 122,455 (ගම්පහ - එ.ජා.ප), එස්.එම්. චන්ද්‍ර‘සේන 118,234 (අනුරාධපුර - එ.ජ.නි.ස), පාලිත තෙවරප්පෙරුම 181,128 (කළුතර - එ.ජා.ප), සුජීව සේනසිංහ 117,049 (කොළඹ - එ.ජා.ප), චන්දිම වීරක්කොඩි 114,851 (ගාල්ල - එ.ජ.නි.ස), හර්ෂ ද සිල්වා 114,148 (කොළඹ - එ.ජා.ප), අජිත් මාන්නප්පෙරුම 113,889 (ගම්පහ - එ.ජා.ප), පී. හැරිසන් 113,346 (අනුරාධපුර - එ.ජා.ප), සජිත් ප්‍රේමදාස 112,645 (හම්බන්තොට - එ.ජා.ප), ප්‍රසන්න රණවීර 112,395 (ගම්පහ - එ.ජ.නි.ස), රවී කරුණානායක 111,394 (කොළඹ - එ.ජා.ප), මයන්ත දිසානායක 111,190 (මහනුවර - එ.ජා.ප), ජයන්ත සමරවීර 111,039 (කළුතර - එ.ජ.නි.ස), අබ්දුල් මොහොමඩ් 111,011 (මහනුවර - එ.ජා.ප), කබීර් හෂීම් 109,030 (කෑගල්ල - එ.ජා.ප), ජේ.සී. අලවතුවල 106,061 (කුරුණෑගල - එ.ජා.ප), පලනි දිගම්බරම් 105,528 (නුවරඑළිය - එ.ජා.ප), රමේෂ් පතිරණ 105,424 (ගාල්ල - එ.ජ.නි.ස), ඩලස් අලහප්පෙරුම 105,404 (මාතර - එ.ජ.නි.ස), දිලුම් අමුණුගම 104,469 (මහනුවර - එ.ජ.නි.ස), රවුෆ් හකීම් 102,186 (මහනුවර - එ.ජා.ප), පාඨලී චම්පික රණවක 100,444 (කොළඹ - එ.ජා.ප)