මන්නාරමේ මනන්තිපිට්ටි ගම්මානයේ වෙසෙන පවුල් 69කට එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් දැනුම් දී තිබේ.
2000 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ප්‍රදේශය නටඹුන් සහිත පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ප්‍රදේශයක් වශයෙන් හඳුනා ගෙන ඇති නිසා එම ප්‍රදේශයේ වැසියන්ට එම පළාත අතහැර වෙනත් පළාතකට යෑමට සිදුවන බව පුරාවිද්‍යා නිලධාරීන් දැනුම් දී ඇත.
මේ අනුව මෙම ඉඩම්වල මින් ඉදිරියට කිසිදු වගාවක් නොකරන ලෙසත්, ගස් සිටුවීමෙන් වළකින ලෙසත්, පුරා විද්‍යා නිලධාරීන් ගම්වැසියන්ට දැනුම් දී තිබේ.
තමන් වසර 40ක සිට මෙම ගම්මානයේ පදිංචිව සිටින්නේ තමන්ට බලපත්‍ර සහිතව ඉඩම් ලබා දීමෙන් පසුව බවත්, මේ වනවිට රජයේ පාසලක්ද තම ගම්මානයේ ඉදිකොට පවත්වාගෙන යන බවත් මෙම ගම්මානයේ වැසියෝ පවසති.
එහි සිසුන් 100ක් පමණ අධ්‍යාපනය ලබන බවත්, පාසල මන්නාරමේ මුරුන්කන් ප්‍රාදේශීය අධ්‍යාපන කාර්යාලය මගින් පාලනය වන බවත් ඔවුහු කියා සිටිති.
මේ පිළිබඳව පළාතේ දේශපාලන අධිකාරිය දැනුවත් කොට යම් විසඳුමක් ලබාගැනීමට ප්‍රදේශවාසීන් බලාපොරොත්තු වන අතර, එය සාර්ථක නොවුණහොත් තමන්ට ඉඩම් ලබාදුන් දිසාපතිවරයාට මේ බව දන්වා දිසාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් දක්වන බවද ඔවුහු වැඩිදුරටත් පවසා සිටිති.