මන්නාරමේ තිරුකේතිස්වරන් පළාතේ පිහිටි සමූහ මිනීවලකින් 2013 වසරේ දෙසැම්බර් මාසයේදී ගොඩගන්නා ලද මිනිස් ඇටසැකිළි 88 ක් ඩී. එන්. ඒ. පරීක්ෂණ කටයුතු සඳහා විදේශ රටකට යැවීමට මන්නාරම මහේස්ත්රාත් එම්. ඇලෙක්ස්රාජා නියෝග කොට ඇත.
මන්නාරම අධිකරණයේ නීතිඥ වී. එස් .නිරන්ජන් මහතා කියා සිටියේ යුගොස්ලෝවියාව, ආර්ජන්ටිනාව සහ ගෝතමාලා යන රටවලින් එකකට මෙම මිනිස් ඇටසැකිළි යවා ඩී.එන්.ඒ පරීක්ෂණ වාර්තාවක් ලබාගැනීමට අධිකරණයෙන් අවසර ලැබුණු බවයි.