මන්නාරම සහ තලෙයිමන්නාරම මාර්ගය අසල පිහිටි පොදු ළිඳක තිබූ මළ සිරුරක් ඊයේ (07දා) සවස හමු වූ බව මන්නාරම් පොලීසිය කියයි.
මිය ගිය පුද්ගලයා හඳුනාගෙන ඇති අතර, ඔහු මන්නාරම සිරුනාවක්කුලම් ප්රදේශයේ පදිංචි දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන 54 හැවිරිදි සුබ්රමනියම් ජෙයරාම් වෙයි. මෙය මිනීමරුමක්ද එසේත් නොමැතිනම් සියදිවි හානි කර ගැනීමක්ද යන්න සොයාබැලීම සඳහා පොලීසිය පරීක්ෂණ කරයි.