තම රජය විසින් හඳුන්වා දුන් මන්දිර බද්ද අදාළ වන්නේ පසුගිය වසර 5 තුළ සුපිරි ධනවතුන් වී සුපිරි නිවාස ඉදිකළ අයට පමණක් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.
අමාත්‍යවරයා අද (01දා) මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් හමුවීමෙන් පසුව මේ බව පැවැසීය.
එසේම පාරම්පරික නිවාස හිමි අය සඳහා මෙම බද්ද අදාළ නොවන බවත් හෙතෙම කීවේය.
2%ක් වන සුපිරි ධනවතුන්ගෙන් බදු අය කර 98%ක් වන අහිංසක ජනතාව වෙනුවෙන් සහන දෙන බවත් හෙතෙම සඳහන් කළේය.