අටවැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරු 225ක් තෝරා ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරිමට ඡන්ද දායකයන් 15, 044, 490ක් සුදුසුකම් ලබා තිබේ.
ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථාන 12314ක් පිහිටුවා තිබේ. ඡන්දය සඳහා රාජ්‍ය නලධාරින් 125,000ක් සේවයේ යොදවා තිබේ.
ඡන්දය ගණන් කරීමේ ප්‍රධාන මධ්‍යස්ථාන 49ක් පිහිටුවා තිබේ. මහමැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 35ක් හා ස්වාධීන කණ්ඩායම් යටතේ අපේක්ෂකයන් 6151ක් ඡන්දයට ඉදිරිපත්ව සිටිති.