ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන හිටපු පළාත් පාලන මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් පාර්ලිමේන්තුව අසළ පැවැත්වූ විරෝධයට පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය.
ඔවුන් නීති විරෝධී අයුරි් පාර්ලිමේන්තු මන්දිරය දෙසට ගමන් කිරීමට උත්සාහ කරන විට මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදි ප්‍රකාශයක් කළ ඒකාබද්ධ විපක්ෂයේ රංජිත් ද සොයිසා මන්ත්‍රීවරයා පැවැසුවේ තමන් අතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකුටද එම ප්‍රහාරය එල්ල වූ බවයි.
ඒ පිළිබඳව පරික්ෂණයක් පවත්වන ලෙසත් මන්ත්‍රීවරයා නියෝජ්‍ය කතා නායක තිලංග සුමතිපාල මහතාගෙන් ඉල්ලා සිටියේය.