පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යාධර්ම සංග්‍රහය කෙටුම්පතේ අවසාන නීති කෙටුම්පත සභාවේ අවසරය සඳහා කතානායක කරු ජයසූරිය මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
සියලු මන්ත්‍රීවරුන්ගේ අවසරය සඳහා මෙම චර්යා ධර්ම සංග්‍රහය ඉදිරිපත් කරනා බවත්, ඉදිරියේදී මේ සඳහා අනුමැතිය ගන්නා බවත් සඳහන් කරමින් කතානායකවරයා මෙසේ කීය.
ලෝකයේ දියුණු රටවල්වල දැනට පවතින තත්ත්වයන් පිළිබඳවද, විවිධාකාර දේශීය විදේශීය විද්වතුන්, විශේෂඥයන් විමසීමෙන් ඉදිරිපත් කළ අදහස්ද මැනවින් අධ්‍යයනය කර මෙය ඉදිරිපත් කරනු ලැබූවා. මන්ත්‍රීවරුන්ගේ අපේක්ෂා කරනු ලබන අවශ්‍ය විශිෂ්ටතා මට්ටම සම්බන්ධයෙන් මහජන විශ්වාසය ඇති කිරීම පිණිසත්, පාර්ලිමේන්තුවේ කැපවීම සහතික කිරීම පිණිසත්, අවශ්‍යවන්නා වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය කොටුම්පතක් වශයෙන් සකස් කර තිබෙනවා.