මන්ත්රීවරුන් 58ට මාසික කුලියකට වාහන ලබාදීම සඳහා වසරකට රුපියල් මිලියන 2436ක මුදලක් ජනතාවට දැරීමට සිදුවෙනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. මාසික කුලිය රුපියල් 590,000 ක් වෙන බවත් එයට වැට් හා ජාතිය ගොඩ නැගීමේ බද්ද එකතුවූ විට අවසානයේදී එක් වාහනයක් සඳහා මාසික කුලිය ලක්ෂ 7ක් පමණ වෙනු ඇති බවත් අනුර කුමාර මහතා පෙන්වා දෙයි.
මෙම වාහන වසර පහක කාලයකට කුලී පදනම මත ලබාගැනීමට නියමිත අතර ඉන් අනතුරුව එම වාහන ඒවා කුලියට දුන් පාර්ශ්වයන්ට නැවතත් පැවැරිය යුතුය. ජනපති මෛත්රීපාල සිරිසේන මහතා මේ පිළිබඳව ආර්ථික කමිටුවට යොමුකළ නිර්දේශ තමා සන්තයේ පවතින බවත් මන්ත්රීවරයා සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කරමින් පවසයි.
පාර්ලිමේන්තු මන්ත්රිවරයෙකුට ලැබෙන වාහන බලපත්රයට අමතරව මෙසේ කුලී පදනම මත වාහන ලබාදීම නියමිතය.