ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් පාර්ලිමේන්තුව තළ විරෝධතා පුවරු ඔසවමින් විරෝධයක නිරත විය. පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පතේදී පළාත් සභා නාම යෝජනා ලැයිස්තුව තුළ කාන්තා නියෝජනය 30%ක් කළ යුතු බවට සංශෝධනයක්ද එහි ඇති නමුත් එම පනත් කෙටුම්පතට ඒකාබද්ධ විපක්ෂය විරෝධය දැක්වීමට විරෝධය පළකරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයින් මෙම විරෝධතාව පැවැත්වීය.
චන්ද්‍රාණි බණ්ඩාර, විජයකලා මහේෂ්වරන්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, රෝහිනී කුමාරි ඇතුළු මන්ත්‍රීවරියන් මෙම විරෝධතාවයට එක්ව සිටියහ. ඔවුහු 'ඇයි අපිට බයද?' යනුවෙන් වූ පුවරු පාර්ලිමේන්තුව තුළ ප්‍රදර්ශනය කළහ.