පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සල්මාන් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට නැගෙනහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය එල්.එන්. නසීර් මහතා පත්කිරීමට තීරණය කර ඇති බව මුස්ලිම් කොංග්‍රසයේ දේශපාලන ආරංචිමාර්ග පැවසීය.
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂයක් වන ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ මන්ත්‍රීවරයකු ලෙස මොහොමඩ් හපීල් මොහොමඩ් සල්මාන් මහතා කටයුතු කළේය.
ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයට අයත් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර අතුරින් වන්නි(මන්නාරම්) ප්‍රදේශයට සහ නැගෙනහිර ප්‍රදේශ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පත්කළයුතු බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබුණි.
ඒ අනුව මීට පෙර ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් දැරී හපීස් මහතා ඉල්ලා අස්වී ඒ වෙනුවට ත්‍රිකුණාමලය නියෝජනය කර එච්.එම්. තවුෆික් මහතා පත්කළේය.
ඒඅනුව සල්මාන් මහතාගෙන් පුරප්පාඩුවූ මන්ත්‍රී ධුරයට නසීර් මහතාගේ නම යෝජනාකර ඇති අතර එම නාමය එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් අමාත්‍යවරයාට මුස්ලිම් කොංග්රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් දැනුම්දී ඇතිබවද වාර්තාවේ.
එම නාමය කබීර් හෂීම් ආමත්‍යවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දිය යුතුව ඇත.