අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා මහතා අද (16දා) දක්වා රිමාන්ඩ් කිරීමට හලාවත අතිරේක දිසා විනිසුරු හේෂාන්ත ද මෙල් මහතා නියෝග කළේය.
1999 වසරේ ජනපතිවරණ දිනය දා ආරච්චිකට්ටුව ඡන්ද මධ්‍යස්ථානයක ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් එවකට ප්‍රාදේශිය සභා මන්ත්රීවරයෙකුව කටයුතු කළ සනත් නිශාන්ත පෙරේරා මහතා ජීව උණ්ඩ පහක් ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවරූ නඩුවකට අනුව ඊයේ (15) ඔහු අත්අඩංගුවට ගැනිණි.
පසුගිය 25 වැනිදා නඩු විභාගයේදී මන්ත්‍රීවරයා අධිකරණයට පැමිණ නොසිටි අතර, ඊයේ (15දා) ඔහු මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ එහිදී විනිසුරුවරයා මෙම නියෝගය ලබාදුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා මහතා පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය.