වර්තමාන ආණ්ඩුව සිදුකරන රට දියුණු කිරීමේ වැඩපිළිවෙළට බාධා නොකර එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදෙන ලෙස පොදු විපක්ෂයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතාට 2005 වසරේදී සහ 2010 වසරේදී ලැබුණු ජනවරමට අනුව කටයුතු කිරීමේදී එක්සත් ජාතික පක්ෂය බාධා කිරීම් සිදුනොකළ බවත්, එහෙත් මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන මෙම කණ්ඩායම වර්තමාන ආණ්ඩුවේ වැඩකටයුතුවලට බාධා කරමින් සිටින බවත් ඔහු පවසා සිටියේය.
පොදු විපක්ෂය ආණ්ඩුවට හෝ එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවන බවත්, එහෙත් අසත්‍ය ප්‍රකාශ සිදුකර ජනතාව නොමග යැවීම ප්‍රශ්නයක් බවත් මරික්කාර් මහතා සඳහන් කළේය.
අද (15දා) එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.