හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලට අනුව කරන විමර්ශණයන්හි ප්‍රගතිය සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා අද (10දා) නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
එහිදී මාධ්‍යවේදින් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ පැමිණිල්ලේ විමර්ශණ කටයුතු කඩිනම් කරනබව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට පැවැසූ බවයි.